දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තවදුරටත්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව, ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Read more

Local News