ෆේස්බුක් ගිණුම් වෙත ඇතුළු වී මුදල් ලබා ගත් තරුණයෙක් අත්අඩංගුවට

Share

අන්තර්ජාලය මගින් වෙනත් අයගේ මුහුණු පොතේ ගිණුම් වෙත ඇතුළු වී මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු වයස අවුරුදු 19ක් වූ මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සැකකරු වෙනත් පුද්ගලයන්ගේ මුහුණුපොත් ගිණුම් වෙත ඇතුළු වී එම පුද්ගලයාගේ මිතුරන් හට මුහුණුපොතේ හිමිකරු ලෙස වංචනිකව පෙනී සිටිමින් එම පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීම සිදු කර ඇත.
සැකකරු අද (10) මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News