මධ්‍යම පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයට අධිකාරියක් – අමාත්‍ය සරත් ඒකනායක

Share

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ, මධ්‍යම පළාත තුළ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සදහා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමට කටයුතු යොදන බවත්, ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු කඩිනම් කරන බවයි.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් පළාත් සභාව මගින් සකස් කරන ලද ප්‍රඥප්තියේ කෙටුම්පතක්ද ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙහිදී සභාගත කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා තවත් මාස පහකින් මධ්‍යම පළාත් සභාව විසුරුවා හැරීමට නියමිත බවත්, ඊට පෙර මෙම වසරට අදාල අනිකුත් සියළු සංවර්ධන කටයුතුද කඩිනමින් නිම කළ යුතු බව පෙන්වා දෙන ලදී.

අනවසර කූඹුරු ගොඩ කිරීම් සහ අනවසර ගල්වලවල් සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරිය විසින් සිදු කරන ලද තහනම් කිරීම් තවමත් එලෙසම බලපවත්නා බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා එම තහනම් කිරීම් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සදහා තමන් ඉදිරි කාලයේදී පුද්ගලිකවම කටයුතු යොදන වන බවද පැවසීය.

Read more

Local News