කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 03ක් සඳහා නව සභාපතිවරු – අමාත්‍ය මහින්ද අමරවීර

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 03ක් සඳහා නව සභාපතිවරු පත්කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිර්දේශ කර තිබේ.
ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති වශයෙන් ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතීඥ උපාලි මොහොට්ටි මහතා ද, සීමාසහිත ලංකා පොහොර සමාගමේ සභාපති වශයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අමරනාත් අබේගුණසේකර මහතා ද, කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති වශයෙන් ලංකා ධීවර සංස්ථාව හා සීනෝර් ආයතනයේ සභාපති ලෙස කටයුතු කරමින් එම ආයතන දෙක ලාභ ලබන ආයතන බවට පත්කිරීමට දායකත්වය දැක්වූ ජගත් පෙරේරා මහතා ද පත්කර ඇත.

Read more

Local News