හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

Share

අපේක්ෂා කළ අන්දමින් බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙන් හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර්පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඉල්ලුම් කළ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද පවසයි.

අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ 6.56 කින් බස් ගාස්තුව හෙට සිට සංශෝධනය කිරීමටයි.

මීට පෙර ඔවුන් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු සංශෝදනය විය යුතු බවයි පෙන්වා දී තිබුනේ.

Read more

Local News