පුද්ගලයින් 486ක් වෙත ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කෙරේ

Share

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා බත්තරමුල්ල, සුහුරුපායේ දී අද (16) පැවැති ද්විත්ව පුරවැසි සහතික ප්‍රදාන උළෙලේ දී ප්‍රකාශ කළේ,

විදෙස් රටවල ජීවත් වුවද තමා උපන් මව්බිමේ දියුණුව සඳහා උදව් උපකාර කිරීම අද ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබන සෑම දෙනාගේම යුතුකම හා වගකීම බවයි.

එසේම විදේශ රටවල දී තමන් උපයාගන්නා ධනය මේ රටේ ආයෝජනය කර රටේ සංවර්ධනයට ආධාර කරන ලෙසත් තමන් එම රටවලින් ලබාගත් දැනුම ශ්‍රී ලංකාවට ද ලබාදෙන ලෙසත් තමා ද්විත්ව පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අමත්‍යවරයා පැවසීය‍.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 468 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ සහතික පත් ප්‍රදානය නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්වීඩනය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතික ශ්‍රි ලාංකිකයින්ගෙන් යුත් මෙම පිරිසට ද්විත්ව පුරවැසි සහතික ප්‍රදානය කිරීම අමාත්‍ය එස්.බී.නාවින්න මහතා අතින් සිදු කෙරිණි.

 

Read more

Local News