විදුලි පරිභෝජනය නොකරන පිරිස් සහ ධීවර කටයුතු සඳහා භූමිතෙල් සහනය

Share

සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ සමෘද්ධි හා වතුකරයේ විදුලි පරිභෝජනය නොකරන 47,555 දෙනෙකු සඳහා භූමිතෙල් සහනාධාරය ලබා දී තිබෙන බවයි.

මීට අමතරව ධීවර කටයුතු සඳහා 27,288 දෙනෙකු සඳහා මෙම භූමිතෙල් සහනාධාරය ලබාදී තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජුනි 01 වැනි දා සිට මැයි 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනාව ගෙවන බවත් 2014 ට පෙර පැවති මිලට වඩා වර්තමානයේ ඉන්ධන මිල අඩු මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News