බස්රථ ගාස්තු වැඩි කිරීම සිදු වූයේ ජාතික ප්‍රතිපත්තිමය තීරණයක් අනුවයි – අමාත්‍ය රාජිත සේනාරත්න

Share

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) සඳහන් කළේ බස්රථ ගාස්තු වැඩි කිරීම සිදු වූයේ ජාතික ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බවයි.

ඒ අනුව ඉන්ධන මිල වැඩි වන විට බස්රථ ගාස්තුව ද ඉහළ යන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම තීරණයන්වලට අමතරව මිල වැඩිකිරීමට සිදු කළ නොහැකි බව ද පෙන්වා දුන්නේය.

එක් බස් සංගමයක් මෙම වැඩි වූ බස්රථ ගාස්තු අනුව කටයුතු කිරීමට එකඟ වී සිටින අතර අනෙකු බස් සංගසම් සමඟ සිදු කරනු ලබන සාකච්ඡාවලදී මෙම ප්‍රතිපත්තිමය තිරණය ගැන පැහැදිලි කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News