ඔයවල් හයක ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක්

Share

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මල්වතු ඔය, දැදුරු ඔය, කලා ඔය, මී ඔය, මහඔය, අත්තනගලු ඔය යන ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙන බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙම ජල මූලාශ්‍ර අවට සිටින පිරිසගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස හා යම් හෙයකින් ජල ගැල්මක් ඇතිවීමේ අවදානමක් මතු වුවහොත් වහා ආරක්ෂිත ස්ථානවලට යන ලෙසයි.

මේ පිළිබඳ යම් තොරතුරක් ලබා දීමට හෝ දැනගැනීමට අවශ්‍ය නම් 117 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News