සාර්ථක නාවික පුහුණු අභ්‍යාසයකින් පසු ‘සාගර’ නෞකාව යලි දිවයිනට

Share

බහුපාර්ශවික කොමෝඩෝ නාවික අභ්‍යාසයට සහ 2018 අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වීම සඳහා පසුගිය අප්‍රේල් 24 වන දින ශ්‍රී ලංකාවෙන් ඉන්දුනීසියා‍ව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව එම පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (18) දිවයිනට ලඟා විය.

එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව කෙළඹ, වරාය පරිශ්‍රය වෙත පිළිගන්නා ලදී.
තවද, මෙම පුහුණු අභ්‍යාසය මැයි මස 04 වන දින සිට 09 වන දින දක්වා ඉන්දුනීසියා‍වේ ලොම්බොක් දුපතේදී පැවැත්වූ අතර, එහිදී තාක්‍ෂණික ගුවන් කටයුතු පිළිබඳ වැඩසටහන්, සාගරික ප්‍රදර්ශන, ප්‍රජා ඉංජිනේරු ක්‍රියාකාරී ව්‍යාපෘති සහ ප්‍රජා වෛද්‍ය ක්‍රියාකාරී ව්‍යාපෘති, ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාස පැවැත්විණි.

Read more

Local News