මධ්‍යම කදුකරයේ රිය ධාවනයේදි ඉතාමත් කල්පනාකාරි වන්න

Share

මධ්‍යම කදුකරයට ඇඳ හැලෙන වර්ෂාවත් සමග විටින් විට අධික මීදුම් තත්ත්යන් පවතින බැවින් මෙම ප්‍රදේශවල රථ ධාවනයේදි ඉතාමත් කල්පනාකාරිව රථ ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශය නිලධාරින් සියලුම රියදුරන්ට දැනුම් දෙයි.

මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන වර්ෂාවත් සමග පවතින අධික මීදුම් තත්වයන් හේතුවෙන් වීශේෂයෙන් හැටන් කොළඹ, හැටන් නුවරඑළිය, හැටන් මහනුවර මාර්ගවල ස්ථාන කිපයකම මාර්ග නොපෙනි යන තත්වයන් පවතින බවද එම නිලධාරින් පවසයි.

එමෙන්ම මෙම වර්ෂාවත් සමග මෙම මාර්ග පද්ධති ලිස්සන සුළු තත්වයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත අධික වේගයෙන් රථ ධාවනය කරවීමෙදි විවිධ අනතුරු ඇතිවිමේ අවධානමක් පැවතිය හැකි බැවින් ඉතා කල්නාකාරිව තම රථ ධාවනය කරවන ලෙසද පවසති.

Read more

Local News