ගංවතුර බැස යාමත් සමඟ එම ප්‍රදේශවල වසංගත රෝග පැතිර යාමේ අවදානමක්

Share

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පි .විජේසුරිය මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගංවතුර බැස යාමත් සමඟ එම ප්‍රදේශවල වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි.
ගංවතුර පැවති ප්‍රදේශවල ජලය බැස යාමත් සමග පාචනය, අතිසාරය, සෙංගමාලය, ඇතුලු බෝවන රෝග මෙන්ම සමේ රෝගද ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාව මෙන්ම ඒ අවට පදිංචිකරුවන්ද උණුකර නිවාගත් වතුර බිමට ගන්නා ලෙසත් පිසින ලද ආහාර වර්ග මැස්සන් ඇතුලු කෘමි සතුන්ගෙන් ආරක්ෂා ගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

Read more

Local News