ගාල්ලේ ආපදා සහනසේවා ක්‍රියාත්මකයි – පුද්ගලයින් 1387ක් පීඩාවට

Share

පසුගිය දින කිහිපය තුළ ඇති වු අධික වර්ෂාවත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන සහ මං මාවත් කිහිපයක් මේ වන විටත් ජලයෙන් යට වී ඇත.

ඊයේ වන විට (23) ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10 ක ග්‍රාම සේවා වසම් 85 ක පුද්ගලයින් 1387ක් පීඩාවට පත්ව ඇති අතර, වැඩි බලපැමක් සිදුව ඇත්තේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයටයි.

ඇතිවූ වර්ෂාව හේතුවෙන් නිවාස 103ක් අර්ධ හානි ලෙස වාර්තා වන අතර, එක් ජිවිත හානියක් වාර්තා වේ. එමෙන්ම පුර්ණ හානි නිවාස 06ක් වාර්තා වි ඇත.

මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ආපදා සහන සේවා ඒකකය, සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පීඩාවට පත් පවුල් වෙනුවෙන් වියලි සලාක ලබා දිම සිදු කරගෙන යයි.

මේ වන විට බොහෝ ස්ථානයන්හි ජලය සැලකිය යුතු මට්ටමින් බැසගොස් ඇති බවද ආපදා ඒකකය සඳහන් කරයි.

රජය විසින් මිලියන 02ක මුදලක් මේ වන විට ගාල්ල ආපදා සහන සේවා කටයුතු සඳහා ලබා දි ඇති බවද ආපදා ඒකකය සඳහන් කර සිටි.

Read more

Local News