කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 722ක් ජනතා අයිතියට

Share

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ මාදම්පිටිය, හේනමුල්ල ,මෙත්සඳ සෙවණ, මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 722 ක් ජනතා අයිතියට පවරාදීම ඊයේ (23) දින පස්වරුවේ සිදුවිය.

ඒ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නුහුරු නාගරික ප‍්‍රදේශ, සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙම නිවාස ඉදිකර තිබේ.

මෙම නිවාස ඒකකයක ඉදිකිරීම් හා සේවා සැපයුම් සඳහා වන වියදම රුපියල් මිලියන 4 කි.

මහල් 15කින් සමන්විත නිවාස සංකීර්ණය සඳහා වැයකර ඇති මුළු මුදල රපියල් ලක්ෂ 28,880කි.

Read more

Local News