ශ්‍රී ලංකා තේ නාමය සමාජ මාධ්‍ය මඟින් ලෝකයට ගෙන යෑමට කටයුතු කරනවා – අමාත්‍ය නවීන් දිසානායක

Share

ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අතර විවාදයේ දී අඳහස් දක්වමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ,

සම්ප්‍රදායික ප්‍රචාරයෙන් ඉදිරියට ගොස් ශ්‍රී ලංකා තේ නාමය සමාජ මාධ්‍ය මඟින් ලෝකයට ගෙන යන්න කටයුතු කරන බවයි.

තේ මණ්ඩලයේ සේවකයන් අතර කිසිම බෙදීමක් නෑ. 2015 මිලියන 240 බැස්ස තේ නිෂපාදනය, 2017 වනවිට ඉහළම මිලක් තේ කිලෝවට ලබාගන්න හැකි වුණා. විශාල බාධක මැද සිදු කළේ. මෙවැනි තත්ත්වයක් ඇති
වීම ඉතාම සුබදායකයි. තනතුරුවලට සුදුස්සන් පත් කරන්න අවශ්‍යයි. ක්ෂේත්‍රයේ ප්‍රශ්න හඳුනාගත් ප්‍රවීණයෙක් පත් කර තිබෙන්නේ. තේ මණ්ඩල පනත යටතේ පත්වීම් කර තිබෙනවා. පත් කර තිබෙන්නේ අදාළ ක්ෂේත්‍රවලට පමණයි. තේ මණ්ඩලය හොඳ තත්ත්වයක තිබෙන්නේ.

තේ නාමය බාල්දු වී නෑ. අපේ තේ නාමය තවමත් ආරක්ෂා කරගෙන තිබෙනවා. අපේ තේ මිශ්‍ර කරන්නේ නෑ. තේ මිශ්‍රකරණයෙන් අපට ලැබෙන මිල රුපියලකින් හරි අඩු වුණොත් කුඩා තේ වතු හිමියන්ට බලපානවා. අපි තේ මිශ්‍රකරණයට ඉඩ දෙන්නේ නෑ. ඩොලර් මිලියන 50 තිබෙනවා තේ ප්‍රවර්ධනයට. සම්ප්‍රදායික මාධ්‍යයෙන් ඉදිරියට ගිහිල්ලා සමාජ මාධ්‍ය තිබෙනවා. යූ ටියුබ් තිබෙනවා. සම්ප්‍රදායික ප්‍රචාරක ව්‍යාපාරයට විශාල මුදලක් ගියත් සමාජ මාධ්‍ය මඟින් එතරම් යන්නේ නෑ. සමාජ මාධ්‍ය මඟින් තේ ප්‍රචාරය ලෝකයට ගෙන යන්න කටයුතු කරනවා.

චීනයෙන් තේ වෙළඳපොල අපට ගන්න පුළුවන්. ජපානයට තේ යවන්න නොහැකි වීම නිස යම් අලාභයක් වුණා. ග්ලෆොසෙඩ් නැවත ලබාගැනීමට ළඟදීම ගැසට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. සීනි මිශ්‍රණය කිරීම අනාගතයට නොකළ යුතුයි. ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රමිතියෙන් යුත් කසළ තේ වෙලඳපොළට ගෙන්න කටයුතු කළා. තේ නැවත වගාව සියයට 01ක් වැනි සුළු ප්‍රමාණයක් තිබෙන්නේ. තේ නැවත වගාව වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. මිලියන 400ක් ගියවසරේ තේ වල අපදාවට පත්වූ කුඩ තේ වතු හිමියන්ට ලබාදුන්නා. පොහොර සහනාධර මුදල ලබාදුන්නා. පොහොර මිටිය රුපියල්1500ට ලබාදෙන්න කටයුතු කළා. තේ ඉඩම් හරියට ආරක්ෂා කරන්න. මේ ඉඩම් ජනතාවට අයිතියි. ඇතැම් සමාගම් තිබෙනවා තම යුතුකම් ඉටු කරන්නේ නැති. නව පනත හරහා අඩුම තත්ත්වයන් පාලනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

Read more

Local News