විසර්ජන පනත යටතේ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට

Share

විසර්ජන පනත යටතේ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් විවාදය මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ආරම්භ කළේ ය.

විවාදය ආරම්භ කරමින් අඳහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරනවා. දේශීය කර්මාන්ත ආරක්ෂා කරන අතරේ පරිභෝගික ජීවිතය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම අභියෝගය. වැරදි මත තිබෙනවා. දේශීය ආදායම් මාර්ග වැඩි කරන්න ඕන. මෙය සමබරව කරන්න ඕන. ඉහළ භාණ්ඩ අඩු මිලට පාරිභෝගිකයන්ට අවශ්‍යයි. අඩු ආදායම් ලබන ජන කොටස් සිටිනවා. ජාත්‍යන්තර ගනුදෙණුව අවශ්‍යයි. ලංකා ඉතිහාසයෙ සිට සිදු කර තිබෙනවා. වැරදි මත රටේ ඇති කර තිබෙනවා. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා ආරක්ෂා කර ගත යුතුයි. කොයි නිෂ්පාදකයා ද ආරක්ෂා කරගත යුත්තේ කියා මෙතැනදී තීරණය කළ යුතුයි. අපි යොදා තිබෙන අරමුණින් ඉවත් වන්නේ සෘජු බදු වැඩි කර වක්‍ර බදු අඩු කරනවා, සමාජ සාධාරණත්වය වෙනුවෙන්. ලක්ෂ 20 කට සින්නක්කර අයිතිය ලබාදෙන්න කටයුතු කර තිබෙනවා. නිවාස හදන්න සිමෙන්ති බදු පහළට ගෙන්න වෙනවා. උද්ධමනය පහළට ඇවිත් තිබෙනවා. රජය තවත් ආනයනය කරන නිසා, පියවර ගෙන තිබෙනවා දේශීය වෙළඳපොළ හා දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News