නොරොච්චෝලේ ජනන යන්ත්‍ර දෙකක් තාවකාලිකව නවතා දැමේ

Share

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් තාවකාලිකව නවතා දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

එම මණ්ඩලය සඳහන් කළේ අද (26) උදෑසන සිට දෙවන සහ තුන්වන ජනන යන්ත්‍ර මෙලෙස නවතා දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව මේ වන විට පළමු ජනන යන්ත්‍රයෙන් පමණක් විදුලිබලය ජනනය කෙරෙන අතර එමඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 200 කප්‍රමාණයක් එක් කරනු ලබයි.

Read more

Local News