ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට පෙළපොත් – අධ්‍යාපන අැමති

Share

ගංවතුරින් පාසැල් පෙළපොත් විනාශ වූ සියලූ පාසැල් දරුවන්ට නැවතත් පෙළපොත් ලබාදීමට තමන් උපදෙස් දුන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇතැම් ප්‍රදේශවල සිසු දරුවන්ගේ සියලූ පොත්පත් හානි වූ බව තමන්ට වාර්තා වී ඇති හෙයින් එම ස්ථානවලට ගොස් පොත් පත් අවශ්‍යතා පිළිබඳව නිවැරදි වාර්තාවක් තමන්වෙත ලබාදෙන්නැයි කලාප අධ්‍යක‍ෂවරුන් මගින් දැනුම්වත් කළ බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News