කොළඹ වරාය සිංගප්පූරුවට පමණක් දෙවැනි වෙයි – පළමු කාර්තුවේ වර්ධනය සියයට 16.2යි

Share

කොළඹ වරාය සිංගප්පූරුවට පමණක් දෙවැනි වෙයි.

ඇල්ෆා ලයිනර් වාර්තාවලට අනුව කොළඹ වරායේ 2018 පළමු කාර්තුවේ වර්ධනය සියයට 16.2කි.

එය දෙවැනි වන්නේ සියයට 16.5ක වර්ධනයක් ලබාගෙන ඇති සිංගප්පූරු වරායට පමණක් බවත් වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙය 2006 වසරට සාපේක්ෂව ගත්කල 8.3%ක වර්ධනයකි.

මෙහි තෙවැනි ස්ථානයේ පසුවන චීනයේ සියාමෙන් වරාය 11.6%ක වර්ධනයක් හා සිවුවැනි ස්ථානයේ පසුවන බෙල්ජියමේ ඇන්ට්වීප් වරාය 10.7%ක වර්ධනයක් මෙන්ම පස්වැනි ස්ථානයේ පසුවෙන චීනයේ නින්ග්බෝ වරාය සියයට 10.4%ක වර්ධනයක් අත්කර ගෙන ඇති බවද වරාය අධිකාරිය පවසයි.

Read more

Local News