මුහුදු ප්‍රදේශවල සුළං තත්වය තවදුරටත් – දිස්ත්‍රික්ක කිහිපයකට සිහින් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය මැයි මස 31 වන දින දක්වා බලාපොරොත්තු විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50-60 දක්වා තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ද ඇති විය හැක.

Read more

Local News