ජාත්‍යන්තර දුම්වැටි – මත්ද්‍රව්‍ය විරෝධී දිනය සංකේතවත් කරමින් පළමු සමෘද්ධි කොඩිය අගමැතිට පළඳවයි

Share

ජාත්‍යන්තර දුම්වැටි – මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දුම්වැටි උවදුර වනසන, දරිද්‍රතාවය අවම කර, සංවර්ධනය ප්‍රවර්ධනය කරමු යන තේමාව යටතේ මැයි 31 වනදා සිට ජුනි 30ද වනදා දක්වා මෙම කොඩි අලෙවිය සිදු කරනු ලබයි.

එහි සමාරම්භක අවස්ථාවේ පළමු කොඩිය අග්‍රාමාත්‍යතුමන්හට පැළඳවීම සිඳු කෙරිණි.

එම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී.හැරිසන් මහතා ද සහභාගී විය.

මේ අතර අමෙරිකානු කොන්ග්‍රසයේ නියෝජිත පිරිසක් ද අද අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අතර ඔවුන් අගමැති සමඟ සාකච්ඡාවක ද නිරත විය‍.

 

Read more

Local News