ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් මාතර දී

Share

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව මැයි ජුනි මස 06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා දෙවිනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ද, ජුනි මස 07 වන දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා වැලිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ද මෙම එක් දින සේවාවන් පැවැත්වීමට නියමිත ය.

ව්‍යාපාරයට නෛතික පිළිගැනීමක් ඇතිකර ගැනීම, බැංකු ණය ලබා ගැනීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වලින් සේවාවන් ලබා ගැනීම, වෙළඳපොළ පුළුල්කර ගැනීම හා ආහාර ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය වීම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපාර ලියාපදිංචි සහතිකය ව්‍යාපාරයට උප්පැන්නයක් සේ වන හෙයින් මාතර දිස්ත්‍රික්කයේ සුළුපරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර වැඩිදියුණුකර ගැනීම සඳහා මුදල් අය කිරීමකින් තොරව නොමිලේ මෙම එක් දින සේවා පැවැත්වේ.

Read more

Local News