දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තරමක තද වැසි

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (02) දිනයේ දී තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ස්ථාන ස්වල්පයක සිහින්වැසි ඇතිවිය හැක.

ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

Read more

Local News