නැගෙනහිර විශ්වවිද්‍යාල‌යේ නවක සිසුන් ඇතුළත් කරගැනිම කල්යයි

Share

නැගෙනහිර විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදින හා ව්‍යාපාර අධ්‍යයනය පීඨ සඳහා 2016/2017 අධ්‍යයනය වර්ෂයට නවක සිසුන් ඇතුළත් කරගැනිම ලබන හෙට (05)ට නියමිතව තිබුණි.

නමුත් නවක සිසුන් ඇතුළත් කර ගැනීම දින නියමයක් නොමැතිව කල් දැමු බව මණ්ඩපාධිපති වී.කනකසිංහම් මහතා පැවසිය.

ඒ මෙම පීඨවල දැනට අධ්‍යයනය කටයුතු වන නිරත සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ පන්ති වර්ජනය සැළකිල්ලට ගෙන පාලනාධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ.

නවක සිසුන් ඇතුළත් කරගන්නා දිනය පසුව දැනුම් දීමට බලධාරින් තිරණය කර තිබේ.

Read more

Local News