ජගත් පරිසර දිනය නිමිත්තෙන් අඹ පැළ තුන්දහසක් බෙදා දීමේ වැඩසටහනක්

Share

ජගත් පරිසර දිනය නිමිත්තෙන් සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අඹ පැළ තුන්දහසක් බෙදා දීමේ වැඩසටහනක් අද (05) දින මිහින්තලා රජමහා විහාරස්ථාන භූමියේදී සිදු කෙරේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් අපනයන පැළ දස කෝටියක් රට පුරා සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙනි.

මේ අනුව උතුරු මැද පළාතේ සියලුම පොලිස් ස්ථානවලට, ආගමික ස්ථානවලට සහ සියලු පාසල් වලට අඹ පැළ බෙදා දෙනු ඇත.

Read more

Local News