දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා අගමැති අතින් විවෘත වෙයි

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දොඩන්ගොඩ සහ ගැලනිගම අතර පැල්පොළ ඉදිකරන ලද නව පිවිසුම් මාර්ගය විවෘත කිරීමට නියමිතය.

ඒ ජූනි 08 වෙනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතිනි.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දොම්පේ, ඇස්වත්තේ ඉදි කරන ලද නව පාලම ද ජූනි 08 වෙනිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් රුපියල් බිලියනයක වියදමින් මෙම නව පිවිසුම් මාර්ගය ඉදි කළේ, හොරණ මිල්ලනියේ පිහිටි කර්මාන්ත පුරයට ප්‍රවේශවීමට පහසු කිරීමේ අරමුණින් බව එම අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා ඊයේ (5) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

Read more

Local News