පොද්ගලික බස් රථ දෙකක් ගැටී අනතුරක් – පුද්ගලයන් 12 ක් රෝහලට

Share

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න විදුලි උප පොළට ආසන්නයේදී අද (06) අලුයම ධාවනය වෙමින් තිබූ පොද්ගලික බස් රථ දෙකක් ගැටී අනතුරක් සිදුවිය.

හබරණ පොලිසිය පැවසුවේ, එම බස් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට තිරික්කෝවිල් සහ අක්කරෙයිපත්තු බලා ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකකි.

හබරණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Read more

Local News