අගමැති ප්‍රධානත්වයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මේලනය පැවැත්වෙයි

Share

ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවන තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබද සම්මේලනය ඊයේ (06) දින පැවැත්විණි.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගලදාරි හෝටලයේ දී යි.

එම අවස්ථාවට ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රමල් ජාසිංහ, උප සභාපති රම්‍යා වීරකෝන්, මහලේකම් ෂිහාම් මරිකාර්, තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, IronOne Technologies & BoardPAC ආයතනයේ විධායක නිලධාරිනි ලක්මිණි විජේසුන්දර යන මහත්ම මහත්මීන් ද, අපනයනකරුවන්ගේ මණ්ඩලයේ නිලධාරීන්  ද ඇතුළු ආරාධිතයන් රැසක් ද සහභාගි වී සිටියහ.

Read more

Local News