කොස් පැල ලක්ෂ 10ක් සිටුවීමේ ව්‍යාපාරය 11දා – අමාත්‍ය මහින්ද අමරවීර

Share

අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ,
ලෝක කෘෂිකර්ම දිනය සහ ආතර් වී දියෙස් (කොස් මාමා) මැතිතුමාගේ ජාතික කොස් පැළ සිටුවීමේ ව්‍යාපාරයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් කොස් පැල ලක්ෂ 10ක් සිටුවීමේ ව්‍යාපාරය 11දා පානදුර ජෙරමියස් දියස් පාසලෙන් ආරම්භ කරන බවයි.
“අපි වවලයි – අපි කන්නේ” යන තේමාව යටතේ ආරම්භ කරනු ලබන මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ පළමු වැඩසටහන ලෙස මාස 18කින් ඵලදාව නෙලාගත හැකි බද්ධ කරන ලද කොස් පැල ලක්ෂ 10ක් සිටුවීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඉදිරියේ දී සියලු ම ජනතාව මෙම වැඩසටහන යටතට එක් කර ගැනීම සඳහා තම ගෙවත්තේ එළවළු පැල කිහිපයක් සමඟ පලතුරු පැලයක් සිටුවීමට යෝජනා ක්‍රියාත්මක කරන බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා නවීන තාක්ෂණය, අපනයනය හා ආනයනය අඩුකිරීම හරහා තරුණ පිරිස කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුනි.
එමෙන් ම ඉදිරියේ දී කොස්, පොල්, කරපිංචා, දොඩම්, ඇඹරැල්ල, දෙල් වැනි පැල ඒ ඒ ප්‍රදේශ සඳහා ගැළපෙන ආකාරයෙන් ජනතාව අතර බෙදාහැරීමට මෙන් ම දේශීය වශයෙන් වගාකළ හැකි ඉඟුරු, කහ, දොඩම්, මිදි, පෙයාර්ස්, මුං ඇට, කුරක්කන් වැනි දේ ආනයනය සීමා කරමින් වගාකරුවන් දිරිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News