එක්සත් ජාතීන්ගේ දේශනයේදී ඉරානයට Trumpගෙන් තර්ජනයක්

Share

ඇමරිකානු ජනාධිපති Donald Trump එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, ඉරානය වෙත යළි ප්‍රහාරයක් එල්ල කරන්නේද, නැතහොත් සාම ගිවිසුමකට යන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ට “විශාල තීරණයක්” ගැනීමට සිදුව ඇති බව පැවසීය.
ගැටුම විසඳා නොගතහොත් ඉරානය “සම්පූර්ණයෙන් විනාශ කිරීමට” තමන්ට හැකි බව Trump එහිදී පැවසීය. සම්පූර්ණයෙන් පිරී තිබූ සභාගර්භය ඉදිරියේ අදහස් දැක්වූ Trump, “ගෝලීය ආණ්ඩුවක්” පිළිබඳ අදහස ද ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම රුසියාව සහ යුක්‍රේනය අතර සාමය ඇති කිරීමට මැදිහත් වන බවත්, කෘත්‍රිම බුද්ධි තරගයෙන් එක්සත් ජනපදය ජයග්‍රහණය කරන බව තහවුරු කරන බවත් හෙතම සඳහන් කළේය.
මේ අතර, මැද පෙරදිග සහ යුක්‍රේනයේ පවතින යුද්ධ හේතුවෙන් තම විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය දැඩි පරීක්ෂාවකට ලක්ව ඇති පසුබිමක, Trump ලෝක නායකයන් රැසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
Trump සිය දේශනයේ වැඩි ඉඩක් ඉරානය සමඟ පවතින යුද්ධය සාධාරණීකරණය කිරීමට යොදා ගත්තේය.
පසුව මාධ්‍යවේදීන් අමතමින් Trump පැවසුවේ, එක්සත් ජනපද නිලධාරීන් ඉරාන නියෝජිත කණ්ඩායම සමඟ පැය තුනක “ඉතා ඵලදායී” සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනියද තහවුරු කළේ එරට විදේශ අමාත්‍ය Abbas Araghchi, මැද පෙරදිග සඳහා වන ඇමරිකා විශේෂ නියෝජිත Steve Witkoff හමුවී ඇති බවයි.
මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව Trump, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්ත නායකයන් සමඟ ග්‍රින්ලන්තයේ ඇමරිකානු හමුදා පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙම ගිවිසුම ඩෙන්මාර්කයට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි තහවුරු කරන අතර, ඒ සමඟම එහි ගුවන් අවකාශය සහ භූමි ප්‍රදේශය සඳහා ඇමරිකාව වෙත පුළුල් ප්‍රවේශයක් ලබා දෙයි.

Read more

Local News