චීන – ඇමරිකා ඵලදායී උපායමාර්ගික ස්ථාවර සම්බන්ධතාව පුළුල් කිරීමට චීනයේ කැමැත්ත

Share

චීන-ඇමරිකා ඵලදායී උපායමාර්ගික ස්ථාවර සම්බන්ධතාව පුළුල් කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැතෙන් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun ප්‍රකාශ කළේය. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයාගේ කාර්යාලය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ “ක්‍රියාකාරී උපායමාර්ගික ස්ථාවර සම්බන්ධතාව” නැමැති වීඩියෝව සම්බන්ධයෙන් අද(22) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
චීන-ඇමරිකා ඵලදායී උපායමාර්ගික ස්ථාවර සබඳතාව පුළුල් කරමින් සංවාද හා සහයෝගිතා තහවුරු කර මතභේදයන් නිසි ආකාරයෙන් පාලනය කිරීම සඳහා ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එමගින් දෙරට ජනතාවට ප්‍රතිලාභ ලබා දී ලෝක සාමය, ස්ථාවරත්වය මෙන්ම සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා ඇත.

Read more

Local News