කොළඔට අඛණ්ඩව ජලය සැපයෙන නව ජල ව්‍යාපෘතිය 2020 දී අවසන්

Share

කොළඔ නගරයේ ජල සැපයුම වැඩි දියුණු කොට නගරයේ සැම ප්‍රදේශයකට ම පැය 24 පුරා අඛණ්ඩව ජලය ලබාදිම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මඟින් රුපියල් කෝටි 4000 ක වියදමින් ආරම්භ කොට ඇති, කොළඹ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ ව්‍යාපාතිය 2020 දි අවසන් කිරිමට සැලසුම් කොට ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය මත ක්‍රියාත්මක කෙරේ.

කොළඔ නගරයේ වර්තමානයේ ජීවත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,00,000ක් පමණ වන අතර විවිධ කටයුතු සඳහා තවත් 400,000ක පමණ පිරිසක් දිනපතා නගරයට පැමිණෙති. මොවුන් සඳහා ආසන්න වශයෙන් දිනකට ඝන මිටර් 300,000ක් පමණ පිරිසිදු කරන ලද ජල ප්‍රමාණයක් සපයනු ලැබේ.

Read more

Local News