ම‌ෙරට ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් කැමැත්ත පල කරයි

Share

විදේශයන්ගේ විශාල ඉල්ලුමක් පවතින ඉස්සන් වගාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් කැමැත්ත පල කර ඇත.
ඒ යටතේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් වෙනුවෙන් තමන් සුදානම් බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ දින (19) හමුවූ අවස්තාවේ ඩී.ටීටස් ප්‍රනාන්දු මහතා පැවසිය .
මෙහිදී  Coastal Corporation Limited නැමැති තම ආයෝජන සමාගම ලංකාවේ ජලජිවි වගාව ආශ්‍රිත ඉස්සන් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදානම් බවත් ඊට අමතරව මඩ කැකුළු වගාව ව්‍යාප්ත කිරීම සදහා ද තමන් සුදානම් බව මෙම ඉන්දීය ආයෝජකයා පැවසිය.

Read more

Local News