පුද්ගලයින් දෙදෙනෙකු වැසිකිළි වලකට වැටීමෙන් ජීවිතක්ෂයට

Share

අරණායක ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වැසිකිළි වලකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක ප්‍රදේශයේම පදිංචි 70 හැවිරිදි ජේමිස් හා 34 හැවිරිදි නලීන් කුමාර නැමති පුද්ගලයින් දෙදෙනෙකි.

අද උදෑසන පුද්ගලයෙකු නිවස අසල වැසිකිලි වලට වැටී ඇති අතර ඔහුව බේරා ගැනීමට ගිය තවත් පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව තිබේ.

මෘත ශරීර මේ වන විට අරණායක රෝහලේ තැම්පත් කර ඇති අතර අරණායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News