පළාත් කිහිපයකට අදත් වැසි

Share

සබරගමුව පළාතේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

දිවයිනේ ඌව පළාතේ සහ මාතලේ, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මී. 40-45පමණ) ඇති විය හැක.

Read more

Local News