හෙට දිනය වන විට තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම්

Share

තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 14කි.

මේ අතර අද (25) දිනයේ සිට සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පල කිරිම සඳහා තවත් වෘත්තිය සමිති 25ක් පමණ එක්විමට එකඟතාව පල කර ඇති බව තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

හෙට (26) දිනය වන විට තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව තැපැල් අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විටත් තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු රජය විසින් ගෙන ඇති බවයි.

Read more

Local News