යෝග දිනයට සමගාමීව ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් මාතර දී

Share

හතරවන ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව සංවිධානය කරන ලද ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවක් පැවැත්විණි.

ඒ මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් එන්.කේ.ආර්. පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දීයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා හම්බන්තොට – ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එක්ව ම‌ෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

ඒකාකාරී ජීවන රටාවකට හුරු වී සිටින රාජ්‍ය නිලධාරියාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම ප්‍රායෝගික යෝග පුහුණු වැඩමුළුවේ දී රාජකාරි කරන අතරතුර තම ආසනයේ හිඳගෙන සිටිමින් ම ඉතා සරලව සිදු කළ හැකි ප්‍රායෝගික යෝග අභ්‍යාස කිහිපයක් කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් යෝග අභ්‍යාස පුහුණු කෙරිණි.

Read more

Local News