දකුණු පළාත් දුර ගමන් ‌සේවා ප‌ෞද්ගලික බස් රථ ස‌ේවකයින් ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත්

Share

දකුණු පළාත් දුර ගමන් ‌සේවා ප‌ෞද්ගලික බස් රථ ස‌ේවකයින් ආරම්භ කර ඇති වර්ජනය නවතා දමන ල‌ෙස ඉල්ලා සිටින බවත් එස‌ේ න‌ොවන්නේ නම් රියදුරු සහ ක‌ොන්ද‌ොස්තරවරුන්ට නිකුත් කර ඇති බලපත්‍ර අහ‌ෝසි කිරිමට කටයුතු කරන බව ජාතික ක‌ොමිෂන් සභාව පවසයි.

ක‌ෙටි දුර ධාවන බස් නැවතුම්වල දුර ගමන් ස‌ේවා බස් රථ නැවැත්වීමට ඉඩ ලබා න‌ොදීමට විර‌ෝධය පළකරමින් දකුණු පළාත් දුරගමන් ස‌ේවා බස්රථ ඊය‌ේ (25) ආරම්භ කළ ම‌ෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

වර්ජනය හ‌ේතුව‌ෙන් ක‌ොළඹට පැමිණ‌ෙන මගීන් සහ කාර්යාල ව‌ෙත පැමිණ‌ෙන පිරිස් ද අපහසුතාවයට පත්ව සිටියි.

මේ අතර අම්බලන්ග‌ොඩ – මාදම්පාගම ප්‍රද‌ේශය‌ේ දී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට ඊ‌‌යේ රාත්‍රිය‌ේ ගල් ප්‍රහාරයක් එල්ල වී ති‌බේ. ප්‍රහාරයනේ බස් රථය‌ේ රියදුරුට තුවාල සිදුව ඇති බවටයි වාර්තා වන්න‌ේ.

ක‌ෙ‌සේ ව‌ෙතත් අද (26) දින ස‌ේවයට වාර්තා න‌ොකරන සියලු බස් රථ රියදුරන්ගග‌ේ සහ ක‌ොන්ද‌ොස්තරවරුන්‌ගේ බලපත්‍රය අහ‌ෝසි කිරීමට පියවර ගන්නා බවයි ජාතික ක‌ොමිෂන් සභා‌‌වේ සභාපති එම්.ඒ.පී. හ‌ේමචන්ද්‍ර කියා සිටිය‌ේ.

Read more

Local News