මාතර සිදුවීමේදී පොලිසියට සහය වූ පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කරයි

Share

මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීම සඳහා එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු කටයුතු කර තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

Read more

Local News