ඛනිජ තෙල් මිල ගණන් යාවත්කාලීන කිරීමට කමිටුවක්

Share

ඉන්ධන මිල සූත්‍රය වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම පිණිස මහාභාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත නිල කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

එම කමිටුව මගින් සෑම මාස 3කට වරක් එළැඹෙන 5වන දිනයේ දී වාහන සඳහා භාවිත කරනු ලබන පෙට්‍රල් හා ඩීසල් මිල යාවත්කාලීන කිරීම සිදුකරයි.

ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත්, එය මෙම 2018 වසරේ මැයි 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත්, පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිල ගණන් මත පදනම්ව තුන්වන මාසයේ 5 වන දිනට ඉන්ධන මිල යාවත්කාලීන කිරීමටත් ඇමැති මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

Read more

Local News