පලාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ මහින්ද හා කතානායක අතර හමුව

Share

ඉදිරිය‌ේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිළිබඳව අවධානය ය‌ොමු ක‌ෙරුණුුු වි‌ශේෂ සාකච්ඡාවක් අද (28) ප‌ෙ‌රවරුවේ ගරු කතානායකතුමන්ගේ කැඳවීම පරිදි පාර්ලිමේන්තුවේදී පැවැත්විණි‍.

ම‌ෙම සාකච්ඡාව සඳහා පලාත් සභාා සහ පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ ක‌ොමිෂන් සභාවේ සභාපති මහින්ද ‌දේශප්‍රිය මහතා ඇතුළු මැතිවරණ ක‌ොමිෂන් සභාවේ නිලධාරීන්, සීමානිර්ණ ක‌ොමිෂන් සභාවේ සභාපති ‌කේ. තවලිංගම් මහතා හා එහි සාමාජිකයිින් ද‌ෙද‌ෙන‌ෙකු ද එක් වුුුහ.

පලාත් සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කරමින් කඩිනමින් පැවැත්විමට අත්‍යවශය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ පාර්ලිමේන්තුවෙන් ඊට අවශ්‍ය සහාය ලබාදීම ම‌ෙම සාකච්ඡාව කැඳවී‌මේ අරමුණ බවත් කතානායකතුමා සාකච්ඡාව ආරම්භ කරමින් සඳහන් කළ‌ේය.

අද දින සාකච්ඡාවේදී විශේෂ‌යෙන්ම අවධානය ය‌ොමු කරන ලද්දේ පලාත් සභා මැතිවරණ‌ෙයේ දී උපය‌ෝගී කරගන්නා මැතිවරණ ක්‍රමය පිළිබඳවයි.

මේ අතර, එළඹෙන ජුලි මස 05 වන දින පලාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ විශේෂ කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තිරණය කර ඇති බවද දැනුම් දුන් කතානායකවරයා මැතිවරණ හා සීමානිර්ණ ක‌ොමිෂන් සභාවන්‌‌‌ගෙන් ඉල්ලා සිටියේ ම‌ෙම විවාදයේ දී මැතිවරණ ක්‍රමයේ හා සීමානිර්ණ‌ෙයේ කිසියම් ගැටළුවක් ඇත‌ොත් ඒ පිළිබඳව ඒ ඒ පක්ෂ විසින් දක්වන අදහස් ක‌ෙර‌ෙහි සැලකිලිමත් වන ල‌ෙසයි.

 

Read more

Local News