ඉල්ලීම් ඉටුන‌ොවුණහ‌ොත් 7වනදා සිට යළිත් තැපැල් වර්ජනයක

Share

තම ඉල්ලීම් ඉටුන‌ොවුණහ‌ොත් 7වන දායින් පසුව නැවතත් වාත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සුදානම් බව තැපැල් වෘත්තිය සමිති කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

ඔහු ‌මේ බව පැවසුවේ සියත අප කළ විමසුුුුමකට පිළිතුරු ලබා ද‌ෙමිනි.

රාජ්‍ය පරිපාලනයට අදාළව නිකුත් ක‌ෙ‌රුණු 6/2006 චක්‍ර ල‌ේඛය ‌හේතුවෙන් තමන්ට අහිමි වු ස‌ේවය ස්ථීර කිරිම හා උසස්විම් නියමිත පරිදි ලබා ද‌ෙන ල‌ෙස ඉල්ලමින් තැපැල් ‌සේවකයින් ඉකුත් 11වනදා ‌මෙසේ වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹිනි.

ඒ හ‌ේතුවෙන් දිවයින පුරා සියලුම තැපැල් ස‌ේවා කටයුතු අඩාල වු අතර ලිපි ඇතුළු භාණ්ඩ රැසක් මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ග‌ොඩ ගැසුණු ආකාරයක් ද දක්නට ලැබුණි.

වර්ජනය‌ේ නිරත තැපැල් ‌සේවකයින් පසුගිය 20 වනදා ‌ප‌ෙරවරුවේ සි‌ට මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කළ‌ේ සිය ඉල්ලිම්වලට බලධාරින් නිසි ප්‍රතිචාර න‌ොදැක්වීම ‌හේතුවෙනි.

ක‌ෙ‌‌සේ ‌‌වෙතත් දින 16ක් පුරා පැවති වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තැපැල් වෘත්තිය සමිති පසුගිය 26 වනදා තීරණය කරනු ලැබීය.

ඒ තැපැල් වෘත්තිය සමිති හා සේවක සංඛයාන ක‌ොමිසමෙ සභාපතිවරයා අතර පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

(අංජනා කරුණාරත්න)

Read more

Local News