දීගදන්තු හස්තයා ‌ස‌ොය ගැන‌ේ

Share

කලාවැව අභය භුමි‌යේ ‌ව‌ෙස‌ෙ‌න ඇත් ගහනයේ විශාලතම හස්තයා ම‌ෙ‌න්ම දිගම දළ යුවලට හිමිකම් කියන දීගදන්තු 01 හස්තයා ‌සෙයා ගැනීම සමත් වී තිබේ.

කලාවැව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දින 10ක පමණ කාලයක් තොරතුරු නොමැතිව සිටි දීග දන්තු නම් ප්‍රසිද්ධ හස්තියා සෙයා ගැනීමට වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (28දා) රාත්‍රියේ සමත්ව තිබේ.

මෙම හස්තියා අතුරුදන් වීම හේතුවෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. කහගල්ල රක්ෂිතයේදී හස්තියා සොයාගෙන ඇති අතර ඔහු හොඳින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

අලිමිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ල‌ෙස ම‌ෙම හස්තයාගේ දකුණු වම් පාදයට ‌වෙඩි වැදීමක් ‌හේතුව‌ෙ‌න් දැඩි අසාද්‍ය තත්වයේ පසු විය. ම‌ෙම දීගදන්තු හස්තයා හට ප්‍රතිකාර කිරිම පසුගිය 18 වැනි දින වයඹ පළාත් භාර අනුරාධපුර වනජීවි පශූ ව‌ෛද්‍ය චන්දන ජයසිිංහ මහතා ඇතුළු වනජීවි නිලධාරින් සිදු කළ‌ේය.

එස‌ේ ප්‍රතිකාර කිරිම‌ෙන් අනතුරුව ම‌ෙ‌ම හස්තියා අතුරුදහන්ව සිටින නිසා ඊය‌ේ දිනය‌ේ වනජිවි කණ්ඩායම් 08ක් හ‌ෙක්ටයාර් 21691ක් ඇති කහල්ල පල්ල‌ේකැල‌ේ පහළ ක‌ොටස දීගදන්තු ස‌ොයා ම‌ෙහ‌ෙයුම් දියත් කළ‌ේය.

මේ වනවිට දීගදන්තුට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

 

Read more

Local News