ජාතික හා ආගමික සහජීවනය වර්ධනය කිරීමට පාර්ලිමේන්තු කමිටුවක්

Share

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියව පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට නියමිතය.

ජූලි මාසයේ මුල් සතියේ දීම පක්ෂ නායක රැස්වීමේ දී මේ පිළිබඳව සාකච්ඡා කොට කමිටුව පිහිටුවීම සඳහා අවසාන තීරණය ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය පිළිබඳව ආගමික සමුළුව අවසානයේ එහි විස්තර දැනුම් දීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

Read more

Local News