ප්‍රවීණ රංගන ශිල්පි රෝයි ද සිල්වා දිවි රඟ මඩලෙන් සමු ගනියි

Share

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු සහ රංගන ශිල්පියෙකු වූ රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන විට වයස අවුරුදු 80 වන වියේ පසු විය.

රෝයි ද සිල්වා මහතා ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩෝක්ටර්, ඔක්කොම කණපිට, චෙරියෝ කැප්ටන්, රෑ දනියෙල් දවල් මිගෙල් ආදි චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය.

දේශීය සිනමාකර්මාන්තයක් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවිශ්ඨ වෙමින් රෝයි ද සිල්වා මහතා දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යේෂ්ඨ සිනමා කරුවෙකි.

Read more

Local News