ප්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ අවසන් කටයුතු අද

Share

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ රෝයි ද සිල්වා මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (02) පස්වරුවේ සිදුකිරිමට නියමිතයි.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන විට වයස අවුරුදු 80 වන වියේ පසු විය.

රෝයි ද සිල්වා මහතා ගෙදර බුදුන් අම්මා, චෙරියෝ ඩෝක්ටර්, ඔක්කොම කණපිට, චෙරියෝ කැප්ටන්, රෑ දනියෙල් දවල් මිගෙල් ආදි චිත්‍රපට 30කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළේය.

දේශීය සිනමාකර්මාන්තයක් වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවිශ්ඨ වෙමින් රෝයි ද සිල්වා මහතා දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යේෂ්ඨ සිනමා කරුවෙකි.

දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.

Read more

Local News