ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩමුළුවක්

Share

ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම සෞඛ්‍ය සේවාවන් ලබාදීමේ අරමුණින් සහ විශ්වීය සෞඛ්‍ය ආවරණය සියලු ජනතාවට ලබාදීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සාක්ෂාත් කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධානය කළ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවැත්විනි.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දැනුවත් කළ අතර එම මන්ත්‍රීවරුන් සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ප්‍රගතිය අගයීමට ලක් කරන ලදි.

Read more

Local News