වැල්ලවායේ මාරක රිය අනතුරකින් බස් නැවතුමක් බිමට සමතලා වෙයි

Share

වැල්ලවාය ප‌ොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය ම‌ොණරාගල ප්‍රධාන මාර්ග‌යේ වරුණගම මංසන්දිය‌ේදි අද උදෑසන 6.00ට පමණ සිදු වු අනතුරකින් එක් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ම‌ොණරාගල මහ ර‌ෝහල‌ට ඇතුළත් කර තිබේ.

ම‌ොණරාගල ද‌ෙසට ධාවනය වු යතුරු පැදියක් ‌වේගය පාලනය කර ගත ‌නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු බස් නැවතුමක ගැටී ම‌ෙම අනතුර සිදුව ති‌‌බේ.

යතුරුපැදිය බස් නැවතුමේ ගැටීමත් සමඟ බස් නැවතුම සම්පුර්ණය‌ෙන්ම කැඩි විනාශ වී ප‌ොල‌ොවට සමතල‌ා වී තිබේ.

අද දින ම‌ොණරාගල ප්‍රද‌ේශ‌යේ පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයක් සඳහා ගමන් කරමින් සිටි වැල්ලවාය පරගස්මංකඩ ප්‍රද‌ේශ‌යේ පදිංචි අවුරුදු 26ක තරුණය‌ෙක් ම‌ෙම අනතුරට ලක්ව ඇත.

ඔහුගේ තත්වය බරපතල බව ර‌ෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරින් පසු තුවාලකරු වැල්ලවාය මුලික රා‌ේහලට ඇතුළත් කිරීමෙන් අනතුරව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් මොණරාගල මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය මගින් සිදු කරයි.

Read more

Local News