මධ්‍යම කඳුකරයට අධික සුළං සහ ප්‍රධාන මාර්ගවල ඝන මීදුම් තත්වයක්

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊ‌යේ (09) පස්වරුවේ සිට අධික සුළං තත්වයක් සහ කඩින් කඩ අධික වර්ෂාව පතිත වීමෙන් ජන ජිවිත වලට බාධා පැමිණ ඇත.

මධ්‍යම කඳුකරයේ ජල ප‌ෝෂක ප්‍රදේශවල හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කා‌ෙළඹ ප්‍රධාන මාර්ගයේත් ම‌ෙම අධික සුළං තත්වයක් පවතී‍.

පවතින අධික සුළං තත්වයත් සමඟ ප්‍රධාන මාර්ගය අභියස තිබෙන ගස්වල අතු කඩාවැටිම‌ෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ තිබේ.

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කා‌ෙළඹ ප්‍රධාන මාර්ගයේත් ස්ථාන කිහිපයකම පවතින අයහපත් කාලගුණය සමග ඝන මීදුම් තත්වයක් ද වරින් වර මතු ‌වෙයි.

පවතින අයහපත් කාලගුණය‌ත් සමග එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේ දී සැලකිලිමත් ල‌ෙස ස‌ෙමින් රිය ධාවනය කරන ල‌ෙස ප‌ොලිසීය රියදුරන්ග‌ෙන් ඉල්ලා සිටියි.

Read more

Local News