ලී ක්වාන් යූ 2018 ජල සම්මාන උළෙල සිංගප්පූරුවේ දී

Share

ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්‍ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මාන උළෙල ඊයේ (09) සන්ධ්‍යාවේ සිංගප්පූරුවේ රිට්ස් කාර්ල්ටන් හෝටලයේ දී  සිංගප්පූරු ජනාධිපතිනි හලිමා යේකුබ් මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විශේෂ ආරාධිතයන් වශයෙන් ඊට සහභාගි වූහ.
ලෝකයේ ජල අභියෝග ජය ගැනීම සඳහා නවෝත්පාදක තාක්‍ෂණය යොදා ගැනීම ඔස්සේ මානව සංහතියට සිදු කළ සේවාව වෙනුවෙන් පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 ජල සම්මානය අමෙරිකානු ජාතික මහාචාර්ය රීටා රොසි කොල්වෙල්ට හිමි විය.
දුර දැක්ම, යහපාලනය හා නවෝත්පාදන ඔස්සේ නගර සංවර්ධනය සඳහා පිරිනැමෙන ලී ක්වාන් යූ 2018 නගර සම්මානය හිමි වූයේ දකුණු කොරියාවේ සියොල් නගරයටය.

Read more

Local News